counter

දවසකට හරී කුමාරිකාවක් වෙන්න ඕනේ

Image result for images of cinderella

මැජික් බෝල

  මිනිස්සු එක පාරට 

වෙනස් වෙන්න කැමතියි 

 මැජික් කරගන්න 

මැජික් එකක් කරලා බලන්න 

 ඉන්න තැනින් අඩියක් හරි 

ඉසරහට එන්න මිනිස්සුImage result for majic images

හරි කැමතී ..

මන් දවසක් පොතක් කියෙව්වා 

එකේ නම මැජික් බෝල.... 

  ජිවිතේ මැජික් එකක් වගේ 

අහු වෙලා කියල දන්නවා 

  යථාර්තය කොච්චර

 දන්නවා උනත් 

දන්නේ නෑ වගේ 

මැජික් එකට අහු වෙලා ඉන්නවා..

   ඇත්ත තේරුම් අරන් ජිවත් උනොත් කවදාවත් 

  ජිවත් වෙන්න බෑ කියල දන්නා මිනිස්සු 

මැජික් ලෝකෙක 

ඇස බැඳුම් අස්සේ උනත් 

රැවටිලා හරි 

ජිවිත සටන 

ගෙනියනව    

සින්ඩරෙල්ලා

අසයි එහෙම වෙන්න  සපත්තුවක් නැති කරගන්න

 එතකොට කුමාරයෙක් Image result for images of cinderella

 රත්තරන් අශ්වයෙක් පිටේ ඇවිත් 

 ලස්සන දියමන්ති මාළිගවකට 

එක්කන් යයි ....  

මන් දවසක් එහෙම කිව්වා 

පොඩි බබෙක්ට කතාවක් කියල දීල ඉවර වෙලා 

දන්නවද එය මට කියපු කතාව 

අක්කේ රත්තරන් අශ්වයෝ නෑ 

 ඇයි ඔහොම බොරු කියන්නේ 

දැන් තියෙන්නේ ලැම්බෝගිනි  නෙ Image result for images of cinderella

දියමන්ති මාලිගා දැන් වැඩක් නෑ අක්කෙ 

water proof නම්  හොදයි 

අනික සපත්තු නැති කරගන්නේ මොකටද 

 එකක් ගන්න පුලුවන් නේ 

 ඔයා බොරුමයි කියන්නේ 

 මට වෙන කතාවක් කියන්න 

Image result for images of cinderellaඉතින් සින්ඩරෙල්ල ඔයාගේ කාලේ දැන් ඉවරයි 

පොලවට බරක් වෙන්න එපා


 


 ජිවිතේ හැම පියවරක්ම පරිස්සමෙන් තියන්න  එතකොට වැටෙන්නේ නෑ  මිනිස්සු ජිවත් වෙන්නේ අරමුණු වෙනුවෙන්  බලාපොරොත්තු ගොඩ ගහගෙන ජිවත් වෙන මිනිස්සුන්ගේ  හදවත ප්‍රශ්න වලින් පිරිලා  එහෙම නැති මිනිස්සුන්ගේ ජිවිත හරිම සරලයී  මන් කියවල තියෙනව පොතක් මට  නම මතක නෑ  කොච්චර මතක් කරත් මතක් වෙන්නෙත් නෑ  මන් 6 වසරේ ඉද්දී තමයි  ඒ පොත කියෙව්වේ  ඒ හැගීම හරිම amuthui  මට නම මතක නැ   හැබැයි පොතේ එක තැනක තිබුන   ජිවත් වෙන්න පොලවේ පය තියල එතකොට   රස්නේ දැනෙයි කකුලට දැනෙයි ජිවත් වෙනවා කියලා   ඒක මට තාම මතකයි   

කියවල ඉවර කරගන්න බැරි තරම්

Image result for sinhala quotes about life

අඹ යාළුවෙක් ඉන්නවා ද??

ඹ යාළුවෙක් ඉන්නවද කියල ඇහුවොත් හැමෝටම මොන විදියේ හරි උත්තරයක් තියෙනවා    සමහර අයට නැහැ සමහර අයට ඉන්නවා  තවත් සමහර අයට ඉදල නැති වෙලා  උත්තර ඔන්න ඔහොම ලැබෙයි නේද මම 6 වසරේ පන්තියේ ඉන්න කලේ මම අඹ යහලුවෝ පොත කියෙව්වා එදා මට හිතුනේ දැන් අඹ යහළුවෝ නෑදැන් අවාරේ වෙන්න ඇති කියලඑච්චර කැප කිරීමක් බෙදා  හදා ගැනීමක් 

කොහොමද සුනිල් නිමල් ට Image result for best friends images

නිමල් සුනිල් ට කරේ මට හිතාගන්නවත් බැරි උන ඒ පුංචි මට තිබුන ප්‍රශ්නයට අම්ම මට දවසක් මෙහෙම උත්තරයක් දුන්න දුව හැමෝටම යාලුවෝ වෙන්න පුලුවන් අඹ යාලුවෝ වෙන්න  බෑ කියලා  අම්ම හරි අදටත් මට අඹ යාළුවෙක් නෑ     

මඩොල් දුවට යන ගමන්

 ස්සර ළමයින්ගේ heros ල උනේ මඩොල් දුවට 

ගිහින් වගා කරපු ජින්නාව  උපාලිව  

දැන්  ඉන්න ළමයින්ගේ    spider man bat man robin hood 

  වීරයෝ උනාට

ගෙදරින් පැනල ගිහිං   පුංචි දුපතක 

වගා කරලා  සල්ලි හොයන්න

  පොලුයි මයියොක්කකයි කන්න 

 ආසාවක් ආපූ ගොඩක් දෙනා එහෙම  කරන්න 

බැරි උනත් මඩොල් දුව බලන්න හරි Image result for madol duwa images

පහු කලෙක ගියා ...

මාර්ටින් වික්‍රමසින්හ මහත්තය අදත් 

 අපේ හිත වල ඇදිල ඉන්නේ 

ඒ ගහ කොළ වලට 

ඇලට දොලට 

අදටත් අපි  ආදරේ නිසා නේද කියලා 

  මට හිතෙනවා Image result for madol duwa images

ann frank ගෙන් ඉගෙන ගැනීම

දවසක් ද හැන්දෑවක පොතක් බලන්නට හිතුන 

කියල රූකාන්ත ගුණතිලක මහත්මයාගේ 

සින්දුවක් මට මතක් උනා 

ඉස්සර මිනිස්සු පොත් එක්ක ජිවත් උනේ යාලුවෝ වගේ 



 ann frank ගේ දිනපොත දවසක් ද හැන්දෑවක මම 
   කියෙව්වා...
     එළියක් නැතුව පාටක් නැතුව ජිවත් වෙන්නේ කොහොමද??????????     
   ?????????????????????????????????????????????????????
      
 පොඩි කුකුල් කුඩුවක වගේ කාමරේක 
හිර වෙලා ඉද්දි මොනවා හිතෙන්න ඇත්ද 
මොනවා කල්පනා වෙන්න ඇත්ද 
කියල මට හිතුන 
   ගෑණූ   ළමයින්ගේ  ලෝකේ පාට ගොඩාක් 
තියෙනව 
එයාල කළු පාටට ආස නෑ 
එහෙම වෙලාත් ann කොහොමද අවුරුදු 2ක් 
කළුවර ගෙයක් ඇතුලේ ජිවත් උනේ
මට එක ප්‍රශ්නයක් 
මට එක දුකක් 
මන් පොතෙන් ඇස ඇරලා බලද්දී 
මන් ඉන්නේ පාට ලෝකෙක 
මන් ඉන්නේ එලියක 
මට මතක් උනා 
මන් කියවන්නේ පොතක් කියලා 

පොත් ඇතුලේ හැංගිච්ච මාලිගා තියෙනව

Image result for  give up books images

කටු ඔටුනු

 කඩදාසි ඔටුන්නක් නෑ කටු ඔටුන්නක් 

  කඩදාසි ඔටුන්නක් ගැන අහල තියෙනවද ඔයාල 
ඔටුනු නම් ඕනේ තරම්  
ඔටුනු පළදින්න රජවරුත් ඕනේ තරම් 
 එත් සැබෑ ඔටුන්නක් දාගන්න වටින 
සුදුසු රජවරු අද ඉන්නවද? 


 යුද්දය හා සාමය කියවද්දී  දනෙන හැගීම 
  චෞර රැජින කියවන වෙලාවට 
Image result for pictures of crowns  and kingsදැනෙන්නේ නෑ 
මන්ද ඔටුන්න ලබා ගැනීමට සුදුසු උනාට  
ඔටුන්න දරාගන්න බැරි නිසා 
මිනිස්සු බල තණ්හාවෙන් මිරිකිලා 
පොඩි වෙලා කට මුලටම එරිලා   

නිවුන්නෙක් ඉන්නව ලු

 සමහර මිනිස්සුන්ගේ හිත හරියට හොදට ලියල ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී පිටු ගලවල එපා මට කියල විසි කරන දෙක වසරේ රචනාවක් වගේ
   මුලින් හොද වගේ පේනවා පස්සට  යද්දී කොහු කොහු වෙනවා අටවක පුත්තු කියල ලියනගේ අමරකීර්ති මහතාගේ පොතක දවසක් මට එහෙම චරිත ගොඩක් හමු උනා  


  ලස්සන සිංහලෙන් වහල තියෙනේ අපෙ     නොතේරෙන ජිවිතේ නේද කියල මට එදා  මතක් උනා 

 අපේ හිත ඇතුලේ   නිවුන්නෙක්   ජිවත් වෙන්ව නේද කියල නිකමට වත් හිතුවද ඔයාල  ඇත්ත  ඒ පොත කියවනකන් මටත් එහෙම හිතුනේ නෑ මගේම ඇතුලේ මගේම නිවුන්නෙක්   ඉන්ව ද කියල ටිකක් කල්පනා කරලා බලන්න Image result for twins baby




පැනල යද්දී නේ රහ

 ජිවිතේ
හැම
 තත්පරයක්ම
මිනිස්සු
 මොකක්ද මන්ද මිරීගුවක්
 පස්සේ දුවනවා
 හති වැටෙන්න දුවනවා
දේවල් අත් ඇරලා දුවනව
දේවල් එකතු කරගන්න දුවනවා
  ගොඩාක් මිනිස්සු දේවල් නැති
කරගන්න දුවනවා
නෝබට් අයගමගේ කාල නදී ගලා බසී
  කියවල බලන්න
 අත ඇරලා පැනල යන
ජීවතේ කොච්චර රහ ද කියල
එතකොට දැනෙව්

සිංහලෙන් අම්මා කියන්න

 maxim gorky ගේ අම්මා කියවන වෙලාවට සන්නස්ගලගේ අම්මා කියවන වෙලාවටත්හිතට දැනෙන ඇට  ලේ මස් නහර පොඩි කරගෙන යන ඒ හැගීම  ඇස වලට දැනෙන තුනී කදුළු පටල දැනෙන්නේ කඩදාසි කොළ ගොඩකට මනුස්සයෙක්ගේ ජිවිතයක්හරි අපුරුවට ගෙත්තම් කරන පුලුවන් නිසා


පොතට දැනෙන හිත

  ජීවිතෙත් හරියට පොතක් වගේ කියලා සමහර වෙලාවට හිතෙනවා.  මිනිස්සු ජිවත් වෙන්නේ හරියට පොත් වල වගේ ... පිටුවෙන් පිටුවට ජිවිතේ පෙරලිලා යනවා... සමහර මිනිස්සුන්ගේ ජිවිත හරියට අගක් මුලක් නොතේරෙන පොතක් වගේ ඉබේම
 පෙරලිලා යනව තේරුමක් නැතුව......
     සමහර  තවත් පොත් වල මුල පටන් ගන්නේ කිසි සතුටක් නැතුව නමුත් අවසානය හරි මිහිරි අවසානය මිහිරි නැති පොත් වල මුලාරම්බය මිහිරිඉතින් ජිවිතේ පොතකට සමාන කරාට ඇති  වැරැද්දක් නෑ නේද???    




හදවත ට කතා කරන පොත්

වැලී කෙළිය

 එදා වැලි කෙලියේ හිටපු හොදම යාලුවෝ කෝ අද නෑ ඇත වල අල්ලාගෙන එකටම ඉස්කොලේ ගිය හොදම යාලුවත් අද නෑ අඹ යාලුවෝ පොතේ නිමලුයි සුනිලුයි එකටම හිටියට ...

පොතකින් ජිවිතේ